Spread the love

මාතර පොලිස් වසමේ පරවි දූපතට යන පාලම යට මුහුදේ තිබියදී නාඳුනන කාන්තා මළසිරුරක් සොයාගෙන ඇත.

මාතර පොලීසියට ලද තොරතුරක් අනුව මළසිරුර සොයාගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මියගිය කාන්තාව වයස අවුරුදු 40ත් 45ත් අතර වයසේ පසුවෙන තැනැත්තියක් බවට පොලීසිය සැක කරයි.

ඇයගේ අනන්‍යතාව මෙතෙක් තහවුරුවී නොමැති අතර කළු, කහ වර්ණයෙන් යුත් ඇඳුමක් සහ කළු වර්ණයෙන් යුත් කොට සායක් හැඳ සිටින බවද පොලීසිය පවසයි.