නිමල් රාජපක්ෂ
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 4.25 ට මීරිගම බලා ධාවනය වූ කාර්යාල සීඝ්රගාමි දුම්රිය පස්වරු 5.30 ට පමණ ගම්පහ දුම්රිය ස්ථානයේ පිලී පැනීමකට ලක්ව ඇත.
මේ හේතුවෙන් ප්රධාන මාර්ගයේ මාර්ග දෙකක් අවහිරවී ඇති අතර එක් මාර්ගයකින් පමණක් දුම්රිය ධාවන කටයුතු සිදු කරන බැවින් ප්රධාන මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රිය ප්රමාද වෙන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
මේ හේතුව නිසා නිවෙස් බලා ගමන් ගන්නා මගීන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වුහ.
