Spread the love

මගීන්ගෙන් පවතින ඉල්ලුම හේතුවෙන් “කැලිප්සෝ දුම්රිය” අප්‍රියෙල් 8 වැනිදා සිට සෑම අගහරුවාදා දිනකම බදුල්ල සිට නානු දක්වා ධාවනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මීට පෙර බදුල්ල දුම්රිය ස්ථානයේ සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා දෛනිකව කැලිප්සෝ දුම්රිය ධාවනයට කටයුතු කර තිබුණි.

ඒ අනුව අප්‍රේල් මස 8 වනදා සිට සෑම අඟහරුවාදා දිනකම බදුල්ල සිට නානාඔය දක්වා දුම්රිය ධාවන කිරීමට තටයුතු කරන බව දුම්රිය සාම්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේය.

කැලිප්සෝ දුම්රිය දෙමෝදර ප්‍රදේශයේ මිනිත්තු 10ක්, ඇල්ල ආරුක්කු 9 පාළම මත මිනිත්තු 10ක් නතර කර සංචාරකයින්ට ඒ අවට සිරි නැරඹීමට අවස්ථාව ලබා දී තිබුණි.