උඩරට දුම්රිය මාර්ගය බදුල්ල දක්වා දීර්ඝ කර වසර 100ක් සැපිරීම නිමිත්තෙන් “කැලිප්සෝ” දුම්රිය ජනවාරි 05 වනදා සිට බදුල්ල – බණ්ඩාරවෙල අතර නව විශේෂ සංචාරක දුම්රියක් ලෙස ධාවනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.නමුත් මෙම දුම්රියේ “කැලිප්සෝ” සංගීත කණ්ඩායම සහ අංග සම්පූර්ණ ආපන ශාලාව ක්රියාත්මක වී තිබුණේ පළමු දිනයේ පමණක් බවට වාර්තාවිය.
මාස කිහිපයකට පසු නැවතත් මැයි (01) දිනයේ සිට “කැලිප්සෝ” සංගීතය මෙන්ම අංග සම්පූර්ණ ආපන ශාලාව ද ක්රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු කළේය.
බදුල්ලෙන් ගමන් ආරම්භ වන දුම්රිය, දෙමෝදර අසල විනාඩි 10 ක්ද ඇල්ල ආරුක්කු 9 පාලම මත විනාඩි 10 ක්ද නතර කර සංචාරකයන්ට සිරි නැරඹීමට අවස්ථාව ලබාදෙයි.
උඩරට දුම්රිය මාර්ගය බදුල්ල දක්වා දීර්ඝ කර වසර 100ක් සැපිරීම නිමිත්තෙන් “කැලිප්සෝ” දුම්රිය ජනවාරි 05 වනදා සිට බදුල්ල – බණ්ඩාරවෙල අතර නව විශේෂ සංචාරක දුම්රියක් ලෙස ධාවනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.
නමුත් මෙම දුම්රියේ “කැලිප්සෝ” සංගීත කණ්ඩායම සහ අංග සම්පූර්ණ ආපන ශාලාව ක්රියාත්මක වී තිබුණේ පළමු දිනයේ පමණක් බවට වාර්තාවිය.