Spread the love

කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු පෙරහැර හේතුවෙන් අද සවස 3 සිට රාත්‍රී 8 දක්වා පෙරහැර ගමන් ගන්නා කාලය තුළ රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සිදුකරයි.

අදාල කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී

ඒ අනුව අද (07) දින කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වී කැලණි සිරිවටරවුම, පෑලියගොඩ මාර්ගය ඔස්සේ පිලපිටිය කනත්ත අසලින් ගෝනගම්පොළ මාර්ගයේ බෝධිරුක්ඛාරාම විහාරස්ථානය අසලින් වරාගොඩ මාර්ගයට පිවිස නුන්ගමුගොඩ හනදිය, ගල්බොරැල්ල, වලන්කඩේ හන්දියෙන් ඇතුළු වී විහාර මාවත ඔස්සේ බියගම මාර්ගයට පිවිස නවලෝක වාහල්කඩ ඔස්සේ ගෙවදීමට නියමිතය.

බත්තරමුල්ල දෙස සිට බියගම දෙසට ගමන් ගන්නා සියලූම රථවාහන කැලණිමුල්ල ආලෝක සංඥා අසලින් දකුණට හැරී අඹතලේ මාර්ගය ඔස්සේ කඩුවෙල හරහා බියගම දෙසට ගමන් කළ හැකිය.

බත්තරමුල්ල දෙස සිට පෑලියගො‍ඩ දෙසට ගමන්ගන්නා සියලූම රථවාහන කැලණිමුල්ල ආලෝක සංඥා අසලින් වමට හැරී තොටලඟ මාර්ගයෙන් පෑලියගොඩ දෙසට ගමන් කළ හැකිය.

බියගම දෙස සිට පෑලියගොඩ දෙසට ගමන්ගන්නා සියලූම රථවාහන පට්ටිවිල හන්දියෙන් දකුණට හැරී සපුගස්කන්ද කිරිබත්ගොඩ හරහා ගමන් කළ හැකිය.

බියගම දෙස සිට බත්තරමුල්ල දෙසට ගමන් ගන්නා සියලූම රථවාහන බණ්ඩාරවත්ත හන්දියෙන් වමට හැරී කඩුවෙල අඹතලේ මාර්ගයෙන් ගමන් කළ හැකිය.

පෑලියගොඩ දෙස සිට බියගම දෙසට ගමන්ගන්නා සියලූම රථවාහන පෑලියගොඩ
සිට කිරිබත්ගොඩ සපුගස්කන්ද හරහා ගමන් කළ හැකිය.

පෑලියගොඩ දෙසට සිට බත්තරමුල්ල දෙසට ගමන්ගන්නා සියලූම රථවාහන තොටලඟ මාර්ගයේ කැලණිමුල්ල ආලෝක සංඥා හරහා බත්තරමුල්ල දෙසට ගමන් කළ හැකිය.

වරාගොඩ දෙස සිට බියගම දෙසට ගමන්ගන්නා සියලූම රථවාහන පරණ නුවර පාර ටයර් හන්දිය කිරිබත්ගොඩ සපුගස්කන්ද හරහා ගමන් කළ හැකිය.

පරණ නුවර මාර්ගයේ බියගම දෙසට අතුළු වන සියලූම වාහන කිරිබත්ගොඩ, සපුගස්කන්ද හරහා පට්ටිවිල මාර්ගයේ ගමන් කළ හැකිය.