Spread the love

.

කොළඹින් පිට පළාත්වල ද කීරි සම්බා හිඟයක් මතු ව ඇති අතර, ඒ හේතුවෙන් ආපණශාලා හිමියෝ ද දැඩි අපහසුතාවකට පත්ව සිටිති.

මේ අතර, පාර්ශ්ව කිහිපයක් පෙන්වා දෙන්නේ, කීරි සම්බා හිඟය මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් නිර්මාණය කරන ලද්දක් බවයි.

මෙවන් පසුබිමක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද (07) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, වැඩිමිලට සහල් අලෙවි කිරීමට අදාළ වැටලීම් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

කීරි සම්බා කිලෝවක් රුපියල් 260ක්, සම්බා කිලෝවක් රුපියල් 230ක්, නාඩු කිලෝවක් රුපියල් 220ක්, රතු කැකුළු කිලෝවක් රුපියල් 210ක් ලෙස සහල් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන් සම්බන්ධයෙන් 1977 හදිසි ඇමතුම් අංකය වෙත දැනුම් දෙන ලෙස එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.