උත්සව සමයේ කුකුළු මස් මිල වැඩි කිරීමට කිසිඳු හේතුවක් නොමැති බැවින් මස් කිලෝවක් රුපියල් 1350 කට අඩු මුදලකට පමණක් මිලදී ගන්නා ලෙස සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරික සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කරයි.
උත්සව සමය හේතුවෙන් කුකුළු මස් ඉල්ලුම ඉහළ ගොස් ඇති නමුත් කුකුළු මස් මිල වැඩි කිරීමට කිසිඳු හේතුවක් නොමැති බවත් සියලුම වෙළඳුන්ගෙන් එම මිලට වඩා අඩුවෙන් අලෙවි කරන ලෙස ඉල්ලා සිටින බවයි ඔහු පවසන්නේ
