නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධානතම හින්දු කොවිලක් වශයෙන් සැලකෙන හැටන් ශ්‍රි මාණික්‍ය පිල්ලයාර් හින්දු කොවිලේ කුම්භ අභිෂේකම් උත්සවය (කොත් පැළදවිම) හින්දු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අභිමානවත් (25) දින සමරනු ලැබුහ.
වසර 12 කට පසු එම කොවිල සම්පුර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර අඩි 108 ක උසකින් යුත් තොරණක් ඉදි කර දින 48 ක් තුල විශේෂ පුජාවන් ගණනාවක් පවත්වා කුම්භ අභිෂේකම් උත්සවය (25) දින පැවැත්විණ.
හැටන් ශ්‍රි මාණික්‍ය පිල්ලයාර් හින්දු කොවිලේ කුම්භ අභිෂේකම් උත්සවය එම කොවිලේ ප්‍රධාන කුරුක්කරු වන බ්‍රහ්ම ශ්‍රි චන්ද්‍රානන්ද කුරුක්කල්වරයා ඇතුළු දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණි පුජකවරුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.
මෙම උත්සවය නිමිත්තෙන් හැටන් නගරයේ සියළුම වෙලදසැල් වසා දමා තිබු අතර , මෙම උත්සවයට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා සහ නුවරඑලිය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු , හැටන් ඇතුළු වතුකරයේ හින්දු භක්තිකයන් විශාල පිරිසක් පැමිණ සිටිහ.
හැටන් ශ්‍රි මාණික්‍ය පිල්ලයාර් හින්දු කොවිලේ කුම්භ අභිෂේකම් උත්සවයට හැටන් පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් දියත් කර තිබුණි.
