ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන් විසින් අද දින උදෑසන Sri Lankan ගුවන් සේවයට අයත් UL403 නැමැති ගුවන් යානයෙන් බැංකොක් සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකික ජාතිකයින් තිදෙනෙක් රේගු පරිශ්‍රය පසුකර යාමට උත්සාහ කිරීමේදී නවතා පරික්ෂා කළ අතර ඔවුන්ගේ ගමන් බෑග් වල තිබූ බිස්කට් සහ චිප්ස් බෑග් තුල ඉතා සුක්ෂම ලෙස සඟවා තිබූ කුශ් සහ හශිශ් නැමැති මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවිය .
සොයාගන්නා ලද කුශ් මත්ද්‍රව්‍ය වල මුලු බර ග්‍රෑම් 1,616 ක් වන අතට හශිශ් මත්ද්‍රව්‍ය යේ මුලු බර ග්‍රෑම් 1,762 ක් ලෙස වට්ටෝරු ගත කරන ලදී. මෙම සොයාගත් මත්ද්‍රව්‍ය වල සම්පූර්ණ වීදි වටිනාකම රුපියල් මිලියන 45කට ආසන්න වෙයි .
මෙම සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් වන අතර අනිත් සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි .
රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන්ගේ විමසිලිමත් භාවය නිසා ශ්‍රී ලංකාව තුළට ජාවාරම් කිරීමට උත්සාහ කළ මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවිය . ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෑත කාලයේ දී සිදු කරන ලද සුවිශේෂී අත්අඩංගුවට ගැනීම් අතරින් එකක් ලෙස මෙය හැඳින්විය හැක.
සැකකරුවන් හා මත්ද්‍රව්‍ය පිළිබඳ පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සැකකරුවන් හා මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදීමට නියමිතයි.
