නිමල් රාජපක්ෂ-
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෘෂි ව්‍යාවසායකත්ව ගම්මාන වැඩ සටහන හෙට (10) සහ අනිද්දා (11)කෘෂිකර්ම ඇමති මහින්ද අමරවිර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
එ් අනුව ගම්මාන 06ක් කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස නම් කර විවිධ කෘෂි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මගින් ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන ඇත .
අමරවිරු පියමග 32 වැඩ සටහනට සමගාමීව මෙම කෘෂිව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීම ආරම්භ කෙරෙන අතර මෙම මස 10 දින තිස්සමහාරාමයේ ජූල්පල්ලම හා කාවන්තිස්සපුර යන ගම්මාන දෙකක් ද, 11 දින වීරකැටිය කැප්පිටියාව උතුර ගම්මානය ද කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස නම් කර කෘෂිකර්ම වැඩ සටහසටහන් ආරම්භ කිරීමට නියමිතය .
මෙම කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහන යටතේ වැව් ප්‍රතිසංස්කරණය, කෘෂි මාර්ග හා කෘෂි ලිං ඉදි කිරීම, ඇළවේලි සංවර්ධනය, පැරෂුට් වගා තැටි, ආරක්ෂිත වගා කුටි, බිත්තර වී ලබා දීම, මිරිස්, පලතුරු, කුරුදු වගාවන් සඳහා අවශ්‍ය පැළ හා බීජ ලබාදීම, සත්ව පාලන කටයුතු සඳහා අවශ්‍ය ආධාර දීම මෙන්ම ගැබිණි මව්වරුන්ට පෝෂණ ආහාර මල්ලක් බැගින් ලබා දීම ඇතුලු සමාජ සත්කාරක සේවාවන් රැසක් ද කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන තුළ ක්‍රියාත්මක කෙරේ.
එමෙන්ම ගෙවතු වගාව සඳහා අවශ්‍ය දියර ඉසින යන්ත්‍ර ඇතුළු උපකරණ ගොවීන්ට ලබා දීමට ද එදිනට සිදු කිරීමට නියමිතය.