අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තා එම දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන නොයන බවට ලබාදී තිබෙන ප්‍රතිඥාව දෙසැම්බර් මස 02 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (23) නියෝග කර තිබෙනවා.
තම පුත්‍රයාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මේ වන විට රැඳවුම් භාරයේ පසුවන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගේ මව විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ එකඟත්වය මත මෙම නියෝගය ලබාදී තිබෙනවා.
