Spread the love

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමයට ගරු කරන්නේ ඊශ්‍රායලය ද එම කොන්දේසි පිළිපදින්නේ නම් පමණක් බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසා ඇත.

“සියොන්වාදී පාලනය සටන් විරාමය කඩ නොකරන්නේ නම්, ඉරානය ද එය කඩ නොකරනු ඇත,” මැලේසියානු අගමැති අන්වර් ඉබ්‍රාහිම් සමඟ දුරකථන සංවාදයකදී පෙසෙෂ්කියන් පැවසූ බව විදෙස් වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.