Spread the love

නිමල් රාජපක්ෂ

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්යධවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සමග එක්ව දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කොරියානු රැකියා අංශයේ නිලධාරිනියක ඊයේ (26) කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙන බව කාර්යාංශය සදහන් කරයි.
මෙම කාන්තාව 2024 වර්ෂයේ මාර්තු මාසයේදී අදාළ සම්බන්ධීකරණ ලේකම්වරයා සමඟ එක්ව ගාල්ල ප්‍රදේශයේ තරුණයන් තිදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ දහය බැගින් මුදල් ලබාගෙන,කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා ගිවිසුම් ද අත්සන් කර ඇත. නමුත් පොරොන්දු වු පරිදි රැකියා ලබා නොදිම හේතුවෙන් වංචාවට හසුවු පුද්ගලයන් විසින් කාර්යාංශයට පැමිණිලි කර තිබේ.
එම පැමිනිලි වලට අනුව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය විසින් පරික්ෂණ ආරම්භ කර ඇත.
මෙම නිලධාරිනිය හිටපු අමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සඳහා සහාය ලබා දී ඇති අයෙකු වන අතර යොවුන් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී වරියකද වේ. එම දැන හැඳුනුම්කම් මත ඇයට කාර්යාංශයේ රැකියාවක්ද හිටපු අමාත්ය වරයා විසින් ලබාදී ඇති අතර ඉන් අනතුරුව ද මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබේ.
ඇයට එරෙහිව තවදුරටත් පැමිණිලි ලැබෙනු ඇතැයි විමර්ශන අංශ විශ්වාසය පළකරන අතර මෙම වංචාවට හසුවු අය වෙතොත් කාර්යාංශයට පැමිණිලි කරන ලෙසද දැනුම් දෙයි.
අත්අඩංගුවට ගත් නිලධාරිනිය අද දින (11/27) ගාල්ල උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
විදෙස් රැකියා වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ පසු තරාතිරම නොබලා ඔවුන්ට නීතිය ක්රිසයාත්මක කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්කමසිංහ මහතා සඳහන් කරයි.
එසේම මෙවැනි වංචාකරුවන්ට හසු නොවන ලෙස රැකියාලාභීන්ගේ ඉල්ලා සිටින අතර මෙවැනි වංචාකරුවන් පිළිබඳ තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත දැනුම් දෙන ලෙසද සභාපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි.
ඊශ්රා යල්, ජපානයේ හෝ කොරියාවේ රැකියා අවස්ථා සදහා කිසිදු භාහිර පාර්ශ්වයකට මැදිහත් විය නොහැකි බවත්, නමුත් රැකියා ලබාදිමට හැකිබව පවසා මුදල් ඉල්ලා සිටින්නේ නම් එය වංචාවක් බවත් කාර්යාංශය සදහන් කරයි.