Spread the love

නාගොඩ -සුමන

කොරෝනා වසංගතයත් සමඟ මෙරට ඉහළ ගිය අන්තර් ජාල භාවිතා කරන පිරිස 2023 වසර වනවිට මෙරට ජනගහනයෙන් 66% දක්වා ඉහළගොස් ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි

බොහෝ රටවල් ඒ පිළිබඳව විධිමත් අධ්‍යනයක් සිදුකර අන්තර් ජාලයට යොමුව ඇති දරුවන් ඉන් මුදා ගැනීම සඳහා විවිධ ක්‍රම යොදා ගනිමින් සිටින බව යි.

එහෙත් එවැනි ක්‍රියාමාර්ග වලට ශ්‍රී ලංකාව මෙතෙක් යොමුව නැති බවපැවසුවේය.

ශ්‍රී ලංකාවේ ජනගහනයට සාපේක්ෂව දුරකථන සබදතා ලබා ගෙන ඇති සංඛ්‍යාව ද සීඝ්‍රයෙන් ඉහළගොස් ඇතිබවද වැඩිදුරටත් පැවසුවේය.