කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බොරැල්ලේ පිහිටි නිවසක් බිඳ රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා රන් භාණ්ඩ සහ විදේශීය මුදල් සොරාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු සැකපිට පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘කබර සුරේශ්’ නමින් හඳුන්වන පුද්ගලයෙකු ඇතුළු තිදෙනෙකු වන අතර සැකකරුවන් ලග තිබීහොරොයින් ග්‍රෑම් 06
සැකපොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් අතර පිටකොටුවේ ‘බබා’ නමැති කාන්තාව ද සිටින බව පොලීසිය පවසයි.සැකකරුවන් දෙදෙනාගෙන් සහ සැකකාරියගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී සොරාගෙන තිබූ දේපළවලින් රන් මාල දෙකක්, මුදු දෙකක්, පෙන්ඩන් දෙකක් හා උණු කරන ලද කැරට් 22යි ග්‍රෑම් 22ක රන් ගුලියක්, කැරට් 18යි ග්‍රෑම් 15ක රන් ගුලියක්, ස්ටර්ලිං පවුම් 50හේ මුදල් නෝට්ටු 17ක්, 100 ඩොලර් නෝට්ටු 05ක් පොලිස් භාරයට ගෙන ඇත.
ඉකුත් වසරේ දෙසැම්බර් 10 වනදා ‘කබර සුරේෂ්’ නමැති සැකකරු බොරැල්ල කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවස බිඳ එම රන් භාණ්ඩ සහ මුදල් පිටකොටුවේ බබා නමැති කාන්තාවට ලබාදී ඇති අතර සැකකාරිය විසින් රන් භාණ්ඩ රාගම, ඒකල, කැලණිය හා පිටකොටුව ප්‍රදේශවලට උකස් කර තිබූ බවත් විදේශීය මුදල් තොගය විදේශිකයන්ට මත් කුඩු සපයන ‘ගයිඩ්’ නමැති පුද්ගලයායෙකුට ලබාදී මාරු කරගෙන තිබූ බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.
එම සැකකරුවන් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂක බණ්ඩාර සහ මධුරංග යන නිලධාරීන්ට ලද තොරතුරු අනුව කිරුළපන සහ කොළඹ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක රැඳවුම් නියෝග ලබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව පොලීසිය පවසයි.
