Spread the love

ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අඛණ්ඩව පසු විපරමින් සිටින බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරන ආකාරයට දැනට මේ සම්බන්ධව කිසිවෙකු අනිසි බියක් ඇති කරගත යුතු නැති බවත්, නමුත් පසුගිය කොවිඩ් සමයේ අනුගමනය කළ සෞඛ්‍ය පිළිවෙත් නැවත අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සහාය ඇතිව මේ සම්බන්ධව දීර්ඝ නියැදි පරික්ෂාවන් සිදු කිරීමට පියවර ගෙන තිබෙන බවත්, මෙතෙක් සිදුකළ පරීක්ෂණවලින් නව කොවිඩ් ප්‍රභේදය සහිත රෝගීන් වාර්තා වී නොමැති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.