Spread the love

කොළඹට හෙට සහ අනිද්දා පැය 10 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.

අඹතලේ ජල සැපයුම් මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය කටයුත්තක් හේතුවෙන් හෙට (04) පස්වරු 07.00 සිට අනිද්දා (05) පෙරවරු 05.00 දක්වා පැය 10ක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවෙයි.
ඒ අනුව කොළඹ 11,12,13,14 සහ 15 දක්වා ප්‍රදේශ වලට ජල කප්පාදුව සිදු කෙරේ.
වැඩිදුර විස්තර සදහා ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ 1939 ක්ෂණික දුරකථන අංකය ඇමැතිය හැකිය.