Spread the love


නිමල් රාජපක්ෂ

කොළඹ විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ නේවාසික පහසුකම් වෙනුවෙන්කොළඹ, නාරාහේන්පිට, කාලිංග මවතේ නිවාස ඒකක 144න් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් ඉදිකර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙම නිවාස සංකීර්ණය කොළඹ විශ්ව විද්‍යාලයට බාරදීම සඳහා මෙම සතියේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද ඇමතිවරයා සදහන් කරයි.

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අධීක්ෂණයෙන් ඉදිකෙරුණු මෙම නිවාස සංකීර්ණයේ සිසු සිසුවියන් 800කට පමණ නේවාසිකාගාර පහසුකම් සැලසේ

වර්ග අඩි 450කින් සමන්විත මෙම එක් නිවසක් නිදන කාමර දෙකකින් සමන්විත වේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ වර්තමානයේදී මෙම නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 60ක් පමණ වන බවයි.

මෙම නේවාසික නිවාස ඒකකය කොළඹ විශ්ව විද්‍යාලයට ලබා දෙන්නේ නිදහස් දීමනාවක් ලෙසය.