නිමල් රාජපක්ෂ-
රුපියල් කෝටියකට වැඩි වටිනාකමින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනකු නැදගමුව තැපැල්පෙට්ටිය හන්දියේදී ලද තොරතුරක් මත ගම්පහ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ අසිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 840 කට ආසන්ත මත්ද්‍රව්‍ය තොගයක් තිබු බවත් ,එහි වෙළදපොල වටිනාකම රුපියල් ලක්ෂ 125 ක් පමණ වන බවත්. මත්ජාවාරම එකම පවුලේ සහෝදරයින් දෙදෙනකුද සිදු කරගෙන යන බවත් ගම්පහ මුලස්ථාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතා පවසයි.
ඩුබායි රටේ සිටිි සංවිධාත්මක කණ්ඩායමක් මත්ද්‍රව්‍ය එවන බවට තොරතුරු ලැබී ඇති බැවින් සැකකරුවන් රදවා ගැනීමේ නියෝග මත තබා ගෙන වැඩි දුර පරීක්ෂණ පවත්වන බව මොහාන් සිල්වා මහතා වැඩි දුරටත් පැවසුවේය.
විඩියෝව නරඹන්නSUBSCRIBE කරන්න
