Spread the love

නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද රුපියල්ය කෝටි ගණනක් වටිනා යතුරු පැදි 21ක් පොලිස් භාරයට ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය සමත්ව තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය වැටලීමේ මෙයෙුමට සමගාමීව වැඩබලන පොලිස්පතිවරයාට ලද විශේෂ තොරතුරත් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

එහිදී නාගරවැව කුරුළු උයන පරිශ්‍රයේ කුරුලු ආහාර ගබඩාවේ සඟවා තිබූ මෙරටට ආනයනය කිරීමට තහනම් විදෙස් රටවල නිෂ්පාදිත යතුරුපැදි 21ක් පොලීසිය සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මෙම එක් යතුරුපැදියක වටිනාකම රුපියල් කෝටි එකහමාරකට වඩා වටිනාකමින් යුතු බවයි.