රුපියල් කෝටි 15 කට වැඩි වටිනාකමින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනකු පානදුර හිරන ප්‍රදේශයේ දි වලාන දුෂණ මර්ධන ඒකකය මගින් අද පස්වරුවේ අත්අඩංගුටව ගෙන ඇත.
වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී උදය කුමාර මහතා සහ එහි ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි අත්අඩංගුටව ගත් සැකකරුවන් ළගතිබී කොකෙන් කිලෝග්‍රෑම් 3 ක් සොයා ගැනීමට සමත්වී තිබේ.
ඉන් කිලෝග්‍රෑම් 2ක් නිවසක තිබී සොයාගෙන ඇති අතර අනෙක් කිලෝව සොයාගෙන ඇත්තේ සුඛෝපභෝගී මෝටර් රථයක ප්‍රවාහනය කරමින් සිටියදීයි.
සැකකරුවන් සතුව තිබී මේවන විට සේවයේ සිටින පොලිස් නිලධාරියෙකුගේ හැඳුනුම්පතක් ද සොයාගෙන තිබේ.
මොවුන් මෙම මත්ද්‍රව්‍ය තරුපන්තියේ හෝටල්වල ඇති රාත්‍රී සමාජ ශාලාවෙත අලෙවි කරන බවද පොලීසිය සඳහන් කළේය.
මෙම ජාවාරම ඩුබායිහී සිටින පුද්ගලයෙකු විසින් මෙහෙයවා ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසුවේය.