නිමල් රාජපක්ෂ-
මත්ද්‍රව්‍ය භාවිතා කරමින් රිය ධාවනය කරන රියදුරන් හඳුනාගැනීමේ පළමු පියවර ලෙස ශ්‍රි ලංකා පොලීසිය මත්ද්‍රව්‍ය භාවිතා කර රියදුරන් වටලා ඛේට පරික්ෂණ කට්ටල භාවිතා කරමින් රියදුරු මහතුන්ගේ ඛේට පරික්ෂාවක් සිදුකරනු ලබන බව .ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

එම පරික්ෂණයේදී මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තවදුරටත් තහවුරු කරගැනීම සඳහා පොලීසිය අදාළ රියදුරා ළගම තිබෙන රෝහල වෙත යොමු කරනු ලබයි. එහිදී වෛද්‍යවරයා විසින් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු කෙරෙන පරීක්ෂණ කට්ටල භාවිතා කරමින් මුත්‍රා සාම්පල් පරීක්ෂණයක් සිදුකර අදාළ තොරතුරු පොලීසිය වෙත දැනුම් දෙනු ලබයි.
තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා මුත්‍රා සාම්පල් ජාතික රාමධක මණ්ඩලය වෙත යෙමුකරනු ලබන බව ද ප්‍රවාහන රාජ්‍ය ඇමතිවරයා පැවසුවේය. මෙම වැඩපිළිවෙළ දියත් කරනු ලබන්නේ සීඝ්‍රයෙන් ඉහළ යන මාර්ග අනතුරු අවම කර ගැනීම සදහායි.
ඇමතිවරයා මෙම අදහස් පළකලේ දි ප්‍රවාහන අමාත්‍යංශයේ අද පැවැති සාකච්ජාවකදිය . මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොලීසියේ නියෝජ්‍ය පොලිස්පති (රථවාහන) ඉන්දික හපුගොඩ , සෞඛ්‍ය අමාත්‍යාංශයේ අංශ ප්‍රධානී,අනතුරු නිවාරණ හා බෝ නොවන රෝග අංශයේ විශේසඥ වෛද්‍ය සමිත සිරිතුංග , ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී, අතිරේක ලේකම් වෛද්‍ය අවන්ති රූපසිංහ , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වෛද්‍ය පී.එල්.අතපත්තු , මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මලිත් ජයතිලක , ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති දර්ශන අබේරත්න , අන්තරායකර ඹෟෂධ පාලක මණ්ඩලයේ අතිරේක ලේකම් කේ.වී.ආර්.වික්‍රමතිලක මහත්ම මහත්මීන් සහභාගිවුහ.