පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගංගා කිහිපයක ජලමට්ටම් ඉහළ යමින් ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ වාරිමාර්ග ඉංජිනේරු එස්.පී.සී.සුගීශ්වර මහතා පැවසීය.
ඒ අනුව ගිංගඟේ ඉහළ ප්‍රදේශය වන තවලම ප්‍රදේශයෙන් ගඟෙහි ජලමට්ටම අවදානම් මට්ටමට ළඟාවී තිබේ.
පෙරවරු 09.30 වනවිට තවලම ජල මාපකයට අනුව ගඟෙහි ජලමට්ටම මීටර් 04.42 දක්වා ඉහළගොස් තිබේ.
තවදුරටත් ගඟෙහි ජලමට්ටම එම ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතියි.
මේ හේතුවෙන් ගිංගඟ අවට පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් ඒකකය පවසයි.
මේ අතර පෙරවරු 08.30 අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය බෙන්තොට වත්ත ප්‍රදේශයෙන් වාර්තා වී ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම අගය මිලිමීටර් 160.5කි.
කැටන්දොල සහ හිනිදුම ප්‍රදේශ වලට ද එම කාලය තුල සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.