අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්වයන් හේතුවෙන් උතුරු පලාතේ පවුල් 4310 කට අයත් පුද්ගලයින් 15,862 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවටත් නිවස රැසකටද හානි සිදුව ඇතැයි දිස්ත්‍රීක් භාර ආපදාකලමනාකරන ඒකකයන් පවසා සිටියි.මේ අනුව ගංවතුර තත්වයන් හේතුවෙන් උතුරු පලාතේ බලපෑම එල්ල වී ඇත්තේ යාපනය, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රීක්කයන්හී ජනතාවටයි.මේ අතර පවතින අයහපත් කලගුණික තත්වයන් හේතුවෙන් අද සිට ඇරඹෙන උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටින පසල් දරුදැරියන්ට විභග මධ්‍යස්ථාන වෙතට පැමිණීමේදී වර්ෂාවෙන් සහ ගංවතුර තත්වයන් හේතුවෙන් බාධ එල්ල වී ඇති අතර අරක්ෂක අංශ හා ජනතාව එක්ව අදාල දරුවන්ට විභාග මධ්‍යස්ථාන වෙතට යාම සඳහා සහය ලබ දී ඇත.මෙහිදී මන්නාරම දිස්ත්‍රීක්කයේ පවුල් 2110 කට අයත් පුද්ගලයින් 8011 දෙනෙකුද, යාපනය දිස්ත්‍රීක්කයේ පවුල් 1904 කට අයත් පුද්ගලයින් 7025 දෙනෙකුද කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පවුල් 202 දෙනෙකුට අයත් පුද්ගලයින් 570 දෙනෙකුද මුලතිව් දිස්ත්‍රීක්කයේ පවුල් 94 කට අයත් පුද්ගලයින් 256 දෙනෙකුද පීඩාවන්ට පත්ව සිටින බවට ආපදා කලමනාකරන මධ්‍යස්ථානය පෙන්වා දෙයි.සතියකට ආසන්න කාලයක් නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මෙලෙස ගංවතුර තත්වයන් ඇති ව තිබෙන අතරම ඉදිරියේදී පවතින තත්වය මීට වඩ වැඩිවිය හැකි බැවින් විපතට පත්වන ජනතව සහ දේපල ප්‍රමාණයන් ඉහල යා හැකි බවටද ආපදාකලමනාකරන නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙයි.මේ අතර පීඩාවන්ට පත් වූ ජනතාව වෙනුවෙන් පහසුකම් සැපයීමට ප්‍රදේශ බාර ග්‍රාමසේවක නිලධාරීන් මාර්ගයෙන් කටයුතු කිරීමටද පියවර ගෙන ඇත.
