ඩෙංගු රෝගී තත්ත්වයේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන ගම්පහ දිස්ත්‍රික්කය තුළ විශේෂිත ඩෙංගු මර්දන වැඩසටහනක් කඩිනමින් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
පසුගිය මස අවසන් සතියට සාපේක්ෂව මැයි මුල් සතිය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ යම් අඩුවීමක් පෙන්නුම් කළද එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන බවයි ඔහු සඳහන් කළේ.
ඩෙංගු රෝගීන්ගෙන් 49%ක් වාර්තා වී ඇති බස්නාහිර පළාත තුළින් බැවින් මේ වනවිට ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බවත් එයට අමතරව රට පුරා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් එවැනි වැඩසටහන් රැසක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය..
