Spread the love

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද (11) සිට ගම්පහ, බැණ්ඩියමුල්ලේ පිහිටි නව කච්චේරි සංකීර්ණයේ “ලක් සියනෑ මන්දිරයේ” ස්ථාපිත කෙරිණි. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඤායනා මධ්‍යයේ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්මිය සුබ මොහොතින් රාජකාරී කටයුතු ආරම්භ කළාය.

මෙතෙක් ගම්පහ, ආනන්ද මාවතේ පිහිටා තිබූ මෙම කාර්යාලය නව පරිපාලන සංකීර්ණයේ බිම් මහලේ සහ පළමු මහලේ ක්‍රියාත්මක කර ඇත. එකම ස්ථානයක සියලු කාර්යාල පිහිටුවා ඇති නිසා මහජනතාවට තම අවශ්‍යතා ඉතාමත් පහසුවෙන් හා අඩු කාලයක් තුළ ඉටු කර ගැනීමට අවස්ථාව උදා වී තිබේ.

මේ අවස්ථාවට ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන ජේ.ඩබ්ලිව්.එස්. කිත්සිරි, රුචිර විතාන, සහකාර දිස්ත්‍රික් ලේකම් නිලන්ති කුමාරි යන මහත්ම මහත්මීන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු එක්ව සිටියහ.