Spread the love


නිමල් රාජපක්ෂ

මහර ගම්පහ හා අත්තනගල්ල යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රෙද්ශවල සිදු කල සෝදිසි මෙහෙයුම් වලදි කාර්මික අපරාධ වාර්තා කීරීම් හා නීති විරෝධී මත්පැන්, මත්ද්‍රව්‍ය . දුමවැටි ජාවාරමේ නිරත පුද්ගලයින් 736 දෙනෙකු වටලා ගෙන අධිකරණ වෙත හා සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ඉදිරිපත් කොට රුපියල් 4399500 /-දඩ මුදලක් රජයට ලබා දීමට ගම්පහ සුරාබදු නිලධාරින් සමත්වී ඇත.
මෙම සෝදිසි මෙහෙයුම් පසුගිය වසරේ ජනවාරි මස 1 වැනි දිනසිට දෙසැම්බර් මස 31 වැනි දින දක්වා සිදු කර තිබිණ. මෙහිදී නිති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 16 ක් , තීරු බදු නෙගෙවු සිගරුට් සන්තකයේ තබා ගෙන සිටි 84 දෙනෙකු , නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගෙන සිටි 522 දෙදෙනකු කොටුකර ගත් බව සුරාබදු නිලධාරීහු පැවසුහ.


නීති විරෝධී මත් ජාවාරමේ නිරත සැකකරුවන් 622 දෙදෙනකු මහර , ගම්පහ හා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් 3778500 /- දඩු මුදුලක් අයකරගෙන තිබිණ.
බලපත්‍ර ලත් හෝටල් , ආපන ශාලා හා රටබීම හල්වල සිදු කල සෝදිසි මෙහෙයුම් වලදි බලපත්‍ර කොන්දේසි කඩකරමින් මත්පැන් ජාවාරමේ නිරත බලපත්‍ර ලාභීන් 73 දෙනෙකුට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කොට අදාල බලපත්‍ර ලාභීන් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ඉදිරිපත් කොට රුපියල් 621000 /-සමථ ගාස්තුවක් අයකර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.
සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතාගේ උපදෙස් මත , සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා, ගම්පහ සුරාබදු අධිකාරී ප්‍රදීප් ජයසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත, ගම්පහ සුරාබදු ස්ථානාධිපති , ප්‍රධාන සුරාබදු පරීක්ෂක සාගර සිරිවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ , සුරාබදු පරීක්ෂක වරුන්වන නිශාන්ත ප්‍රියන්කර , ළහිරු ප්‍රනාන්දු , සැරයන් වරුන්වන ජගත් ජයවර්ධන , අසේල ද ප්‍රනාන්දු , සුරාබදු කෝප්‍රල් වරුන්වන 961 ච්න්තක රංගජීව , 1106ජානක ජයතිලක, 1170 ළහිරු රූපසිංහ, නියාමකවරුන්වන 1173අසේල වීරකෝන්,966 වජිර රණසිංහ, නියාමක රියදුරු රවීන්ද්‍ර අබේතුංග යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.