Spread the love

නිමල් රාජපක්ෂ-

මැතිවරණයට ගම්බිම් බලා ගිය ජනතාවට යළි සේවා ස්ථාන කරා ගමන් කිරීමේ අරමුණේන් විශේෂ දුම්රියය ගමන්වාර 7 ක් අද සහ හෙට ධාවනයට එක්කොට ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල දක්වාත් බදුල්ල සිට කොළඹ කොටුව දක්වාත් , බෙලිඅත්ත සිට කොළඹ මරදාන දක්වාත් ,මරදාන සිට බෙලිඅත්ත දක්වාත් ,කොළඹ කොටුවේ සිට හික්කඩුව දක්වාත් , කොළඹ කොටුවේ සිට මාතර දක්වාත් මෙම විශේෂ දුම්රිය ධාවනය කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්.මුදලිගේ මහතා පවසයි.