යාපනය කෝපායි පොලිස් වසමේ මත්ති ප්‍රදේශයේ ගම්වාසීන් දෙපිරිසක් අතර වූ ගැටුමක් දුරදිග යාම හේතුවෙන් එම දෙපාර්සවයේ කාන්තාවන් තිදෙදෙනෙකු ඇතුලු 23 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට යාපනය මහෙස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා මහතා නියෝග කොට සිටියේය.
මත්ති ප්‍රදේශයේ ගෙවී ගිය දින 3 ක කාලය තුලදී අවස්ථා කිහිපයකදීම ගම්වාසීන් දෙපිරිසක් අතර වූ ගැටුම් හේතුවෙන් දේපල හානි රැසක් සිදුව තිබුණි. පසුව ගම්වාසීණ් දෙපිරිසක් අතර වූ ගැටුම ප්‍රචණ්ඩත්වයෙන් පැවතීම හේතුවෙන් කෝපායි පොලීසියද එම් ස්ථානයට ගොස් තත්වය පාලනය කිරීමට පියවර ගෙන තිබුණි.