ග්‍රයින්ඩරයක තලයක් කැඩී විසිවී ගොස් පපුවේ වැදීමෙන් 15 හැවිරිදි පාසල් සිසුවෙක් බරපතළ තුවාල ලබා මියගොස් ඇතැයි කටාන පොලීසිය පවසයි.
මෙම සිසුවා පෙරේදා (11) පෙරවරුවේ ඥාතියෙකුට අයත් එම වැඩපොළට ගොස් ග්‍රයින්ඩරයක් ආධාරයෙන් පී.වී.සී. බටයක් කැපීමට උත්සාහ කළ බවයි පැවසෙන්නේ.
එහිදී දී ග්‍රයින්ඩරයේ තලය කැඩී විසිවී ළමයාගේ පපුව පසාරු කරගෙන ගොස් තිබෙන බැවින් ඒ අවස්ථාවේදීම සිසුවා මීගමුව රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළු කර තිබේ.
එසේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (11) දහවල් ඔහු මියගොස් ඇති බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.
