ග්‍රාම නිලධාරීනියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් අද (14) මධ්‍යම රාත්‍රීයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසයි.
ඒ අනුව රාත්‍රියේදී යෙදෙන ආපදා, මරණ ඇතුලු සියලු රාජකාරීවලින් ඉවත් වන බවයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය දැනුම් දෙන්නේ.
අනාරක්ෂිත හා ජන ශූන්‍ය ප්‍රදේශවල පවත්වාගෙන යන කාර්යාල වසා දැමීම හා තම ආරක්ෂාව තහවුරු වන ස්ථානයක සිට කාර්යාල කටයුතු සිදු කරන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.
