මෙරට මුහුණපා තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තශාලා ගණනක් තම කර්මාන්තශාලා වසා දමා විදේශ රටවල කර්මාන්තශාලා ස්ථාපිත කරමින් සිටින බව ඇගළුම් නිෂ්පාදකයෝ සඳහන් කරති.
දැනට මෙරට පවතින කර්මාන්තශාලා වලින් ද නිෂ්පාදනය කරන්නේ සමස්ත ධාරිතාවකින් සියයට 25 ට අඩු ප්‍රමාණයක් බවද ඔවුන් පෙන්වා දෙති.
විදුලි ගාස්තු ඉහළ යාම, තීරු බදු ගාස්තු ඇතුළු කර්මාන්තයෙන් පිරිවැය ඉහළ යාම හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙදපල තුල තරඟකාරීත්වය ද විශාල වශයෙන් පහළ ගොස් පහළ ගොස් නව ඇණැවුම් ලැබීම බරපතළ ලෙස අඩු වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙති.
ඒකාබද්ධ ඇඟලුම් නිෂ්පාදකයන්ගේ සංසදය මේ බව කියා සිටියේ ආර්ථික අර්බුදය සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාවට පැමිණි අවස්ථාවේදීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් විය.
