නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකාව සදාකාලිකව යුද්ධයට විරුද්ධ වන අතර නිදොස්, අහිංසක පලස්තීන ජනතාවට අත්වන මරණයන් නැවත්වීමට සියලුම පියවර ගත යුතු බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේය
ඇමතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් අමාත්‍යංශයේ දී අද සවස පැවැති අවස්ථාවේදීය.
මෙම අවස්ථාවට තානාපතිතුමාගේ ලේකම් හිෂාම් තහා මහතාද සහභාගිවුහ.
මෙහි දී පලස්තීනයේ ගාසා තීරයේ වත්මන් යුද්ධ තත්ත්වය හා යුද්ධය නැවත්වීම සඳහා ගන්නා පියවරයන් පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා වූහ