Spread the love

මුල්කිරිගල ගුණරත්න

 හුංගම පොලිස් වසමට අයත් රන්න , නිදහස් ගම  ප්‍රදේශයේදී  (23) රාත්‍රි බීමත් දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින්  පසු යකඩ පොල්ලකින් පහරදීමෙන් තුවාල ලැබූ යුද හමුදා සෙබෙලෙකු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හුංගම පොලිසිය පැවසීය 
 මෙලෙස තුවාල ලබා ඇත්තේ බුත්තල ගැමුණු හේවා බලකායේ සේවය කරන 32 හැවිරිදි යුද හමුදා සෙබෙලෙකි.  ඔහු  රන්න , නිදහස්ගම නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .                               තුවාලකරුගේ හිසේ දකුණු පස තුවාලයක් දක්නට ලැබෙන බවත් තුනටිය සහ දකුණු උරහිස ප්‍රදේශයේ තැලුම් තුවාල දක්නට ලැබෙන බවත් රෝහල් ආරංචි මාර්ග පැවසීය . 
  හුංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත ජයසිංහ මහතා ඇතුළු නිළධාරින් සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වති .