නිමල් රාජපක්ෂ
වෙන්නප්පුවේ වෙක්කාල ප්‍රදේශයේ ගිං ඹය ආශ්‍රිතව මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනා ගාරයක් වටලා රුපියල් විසි ලක්ෂයක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනකු සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් ඊයේ (02) අත්අඩංගුවට ගනෙ ඇත.
අත්අඩංගුවට ගත් ම්ත්පැන් තොගයේ ගෝඩා ලීටර් 5034.5 ක්, කසිප්පු ස්ප්‍රීතු ලීටර් 520 ක්, බැරල් 28 ක් හා දගරයක් සොයා ගත් බව සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධිකාරි කේ.පී.එස් .පතිරණ මහතා පවසයි .
සුරාබදු නිලධාරීන් බෝට්ටුවක ආධාරයේ ගිං ඹයේ කඩොලාන අස්සේ මහා පරිමානයෙන් කාලයක් තිස්සේ පවත්වා ගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරය වටලන අවස්ථාවේ සැකකරුවන් මත්පැන් නිෂ්පාදනය කරමින් සිටියදීම කොටු කර ගැනීමට සමත්වී ඇත.
සැකකරුවන් නිෂ්පාදාත මත්පැන් වෙන්නප්පුව ආශ්‍රිත තදාසන්න ප්‍රදේශවලට බෙදා හරින බවත්, මීට පෙර මත්පැන් නිෂ්පාදනාගාරය කිසිදිනක කිසිදු නිලධාරියකු වටලා නැති බවත් සැකකරුවන් සුරාබදු නිලාධාරින් ඉදිරියේ පාපොච්ජාරනය කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්අද (03) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජනරාල් තුමාගේඋපදෙස් මත, සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ සුරාබදු අධිකාරී කේ.පී.එස් පතිරණ මහතාගේ අධීක්ෂණය යටතේ , සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති සුරාබදු පරීක්ෂක සමන්ත ජානක මහතාගේ මෙහෙය වීමෙන්, සුරාබදු පරීක්ෂකවරුන් වන නලින් රණවීර, දිනූෂ ඒකනායක, සුරාබදු කෝප්‍රල්වරුන් වන 763, 911, 956, 795, 1061, 1066, 1076, 1128, කාන්තා සුරාබදු කෝප්‍රල් 92 ද සුරාබදු රියදුරන් වන බුද්ධික අරඹවෙල, ජගත් වික්‍රමසූරිය යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.