Spread the love

යල් පැනගිය ක්‍රමවේදවලින් ඉවත්වී, කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ අරමුණින්, පූර්ණ ස්වයංක්‍රීය ආදයම් උත්පාදන පද්ධතියක් නිර්මාණය කිරීමට, කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනය (KOICA) මෙරට රජය සමඟ එකඟතාවයකට එළැඹ තිබේ.

ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 8.5ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා වූ එකඟතාවය පිළිබඳ සම්මුතියට අද (2025.07.03) අත්සන් තැබුණි. ඒ කොළඹ මහ නගර සභාවේ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝකබණ්ඩාර සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනයේ ජාතික අධ්‍යක්ෂ ලී යූ ලී යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්.