හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව කර්කස්වොල් දමිල මහා විද්‍යාලයේ අංක 02 ප්‍රාථමික විදුහලේ සේවය කරන පන්ති භාර ගුරුවරියක් විසින් පහර දි තුවාල සිදු කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත බගවන්තලාව පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර ඇත.
පහර කැමට ලක් වුවේ යැයි කියන බගවන්තලාව කර්කස්වොල් වතුයායේ පදිංචි සතිෂ් කුමාර් බභිෂ්කාන් නැමති පාසල් සිසුවා එම පාසලේ 4 වසරේ අධ්‍යාපනය ලබන බවත්, තම පාසලට අලුතින් පැමිණි ගුරුවරිය කිසිදු වරදක් නොකල තමන්ට වේවැලකින් පහර දුන් බවයි සිසුවා කියා සිටියේ.
එම සිසුවාට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අප එම විදුහලේ විදුහල්පති අම්මාසි රාමක්‍රිෂ්ණන් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ තම පාසලට අලුතින් පැමිණි ගුරුවරියක් විසින් සිසුවාට පහර දුන් බව එම සිසුවාගේ දෙමව්පියන් චෝදනා නගන බවත්, ඒ පිලිබදව පහර දුන්නේ යැයි කියන ගුරුවරියගෙන් කරුණු විමසා මාධ්‍යට ප්‍රකාශයක් කරන බවයි.
