කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ බෝම්බයක් ඇති බවට අසත්‍ය තොරතුරක් ඇමතුමක් හරහා ලබා දුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
වාරියපොළ පොලීසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පිය පුතු දෙදෙනෙකි.
සැකකාර පුතු විසින් ඉකුත් විසි හත් වැනිදා කටුනායක ගුවන්තොටුපළේ ප්‍රධාන දුරකථනයට ඇමතුමකින් දැනුම් දී ඇත්තේ ගුවන්තොට තුළ බෝම්බයක් තිබෙන බවය.
ගුවන්තොටුපල බලධාරීන් මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත.
වාරියපොල පොලිසිය තවදුරටත් විමර්ශන පවත්වමින් සිටී.
