කැනඩාවේදී මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 80 දෙනෙකු රැගත් ගුවන් යානයක් ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබස්වන අවස්ථාවේදී ගුවන් යානයපෙරළී අනතුරක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුරින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් තුන් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි කැනේඩියානු බලධාරීන් පවසන්නේ.
අනතුරින් පසු යානය ගිනි ගැනීමකට ලක්ව ඇති නමුත්, ගිනි නිවන භටයින් වහාම එය නිවා දැමීමට කටයුතු කර තිබේ.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගුවන්තොටුපොළ අවට දැඩි සුළං සහ හිම පතනයක් වාර්තා වන බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
