Spread the love

ජපාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ටෝකියෝ හි හනෙඩා ගුවන් තොටුපළේ ධාවන පථයකට ගොඩබස්වන විට ගිනිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි..

ඒ අනුව යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය 379 දෙනා ඉවත් කර ඇති බවයි ගුවන් සේවය උපුටා දක්වමින් ජපාන මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වන විට ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරමින් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි