නිමල් රාජපක්ෂ-
බ්‍රසීලයේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබූ පාර්සලයක තිබී රුපියල් මිලියන 190 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 2.5ක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
වොලිබෝල් දැලක දෙකෙළවර වාටියේ තිබූ බටයක් තුළ ඉතා සුක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබී ඇත.
අදාළ පාර්සලය නිෂ්කාශනය කිරීම සඳහා පැමිණ සිටි බලයලත් නිලධාරියෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මෙම පාර්සලය කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ නමට එවාඅ ඇති බවය.
මත්ද්‍රව්‍ය තොගය සහ අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.
