මුල්කිරිගල ,ගුණරත්න
බලපත්ර නොමැතිව වියළී ගංජා කිලෝ 23 ක් කැබ් රියකින් ප්රවාහනය කල සැකකරුවෙකු (10) උදේ පොලිස් වසමට අයත් උස්වැව , තිරුවානාගොඩැල්ල ප්රදේශයේදී අගුණකොළපැලැස්ස පොලීසිය මගින් අඩංගුවට ගෙන ඇත.
අදාල කැබ් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී එහි තිබී වියළි ගංජා සහිත පොහොර උරයක් සොයාගෙන තිබේ . ගංජා ප්රවාහනය කල සැකකරු තංගල්ල උස්වැව ප්රදේශයේ පදිංචි 42 හැවිරිදි ගොවියකු බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අගුණකොළපැලැස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිතය
. තංගල්ල කොට්ඨාස භාර ජෙය්ය්ෂ්ඨ පොලිස් අධිකාරි උපුල සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත අගුණකොළපැලැස්ස පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතා ඇතුළු නිළධාරින් මෙම වැටලීම සිදු කළහ.
