Spread the love

නාගොඩ – සුමන

යල කන්නයේ පොහොර මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 211ක් ගොවීන්ගෙ බැංකු ගිණුම් වෙත මේවන විට මුදා හැර ඇතිබව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

අම්පාර ,අනුරාධපුර ,හම්බන්තොට ,කුරුණෑගල හා පොලොන්නරුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක් වෙත එම මුදල් මුදා හැර තිබෙ.

මෙවර යල කන්නයේ වගා කිරීමට අපේක්ෂිත කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර හාර ලක්ෂ හැට දහසකි.

ඒ සඳහා රුපියල් බිලියන 07ක් වෙන්කර ඇතිබව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

හෙක්ටයාරයකට රුපියල් 15000ක් පොහොර මිලදී ගැනීමට ලබා දෙන බව වැඩිදුරටත් එම දෙපාර්තමේන්තුව පවසයි.