Spread the love

කොන්ක්‍රීට්, ප්ලාස්ටික් මත විනාශයට පත් වූ පරිසරය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට සෑම දෙනාටම පුරවැසි වගකීමක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

පරිසරය පිළිබඳ ක්ෂේත්‍රය ජාතික ඒකාග්‍රතාව ඇති කිරීමට ද යොදාගත හැකි බවයි කෑගල්ල නිදහස් මාවතේ අද (05) පැවැති ජගත් පරිසර දින සැමරුම් උලෙළට එක් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කර සිටියේ.

පොදු ජාතික විඤ්ඤාණයකින් යුතුව, මිහිතලය සමඟ සාමය ගොඩනැඟීමේ වගකීමක් අපේ පරම්පරාවට ඇති බවත්, එය මඟහැර නොගත යුතු බවත්, කිසිදු භේදයකින් තොරව සියලුදෙනා ඊට එක්විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර සිටි‍යා.