වි ගොවියන ට නොමිලයේ ඉන්ධන ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
චීන රජය මෙරට වී වගා කරන ගොවි ජනතාව සඳහා නොමිලයේ ලබා දීමට පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98ක ප්‍රමාණයක් ලබා දී තිබේ .එසේ ලබාදුන් ඉන්ධන වහාම ගොවි ජනතාව වෙත බෙදාහරින්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (01) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දෙයි.
මෙම වැඩ පිළිවෙළ යටතේ මෙවර මාස් කන්නයේ අක්කර භාගයේ සිට අක්කර දෙකහමාර දක්වා වී වගා කළ ගොවීන්ට නොමිලයේ ඉන්ධන ලබා දීමට කටයුතු කර ඇත.
ඒ අනුව හෙක්ටෙයාර් 01ක් සඳහා ඩීසල් ලීටර් 15ක් බැගින් ලබා දීමට නියමිතය.
මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වීමේ දී සිදුව ඇති ප්‍රමාදය සම්බන්ධව අද දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සාකච්ඡාවක් කැඳවා තිබිනි. එම සාකච්ඡාවට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරින් මෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය, හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරිහු ද සහභාගි වූහ.
මෙම සාකච්ඡාවේ දී ගන්නා ලද තීරණ අනුව අදාල ඉන්ධන තොගය බෙදාහැරීමේ කටයුතු ලබන සතියේ සිට ඇරඹීමටත්, ඊට අදාල ටෝකන් පත් සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවි ජනතාවට නිකුත් කිරීම කඩිනම් කිරීමටත් තීරණය විය.
එම ටෝකන්පත්වලට අදාල ඉන්ධන ප්‍රමාණයන් නම් කර ඇති ඉන්ධනහල් වෙතින් ගොවීන්ට ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් සපයනු ලබයි.
ගොවි ජනතාව වෙත නොමිලයේ නිකුත් කරන ඉන්ධන ලබා ගැනීමේ දී යම් ගැටලුවක් මතුවුවහොත් වහාම දිස්ත්‍රික් ලේකම්වරයා වෙත හෝ සහකාර ගොවිජන සංවර්ධන කොමසාරිස්වරුන්ට දැනුම් දෙන ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙම ඉන්ධන තොග බෙදාහැරීමේ කටයුතු සඳහා රුපියල් මිලියන 99ක මුදලක් වැය වන අතර එම මුදල් ප්‍රමාණය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ලබා දීමට පියවර ගන්නා බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
මෙම ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිතය.
එතෙක් ගොවීන් වෙත ඉන්ධන ටෝකන්පත් බෙදාහැරීම ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන මගින් සිදු කෙරේ.
