ගොවි ජනතාවට වවුචරයක් ලබා දෙන්නේ යල කන්නයේ දී බන්ඩි පොහොර හා අවශ්‍ය නම් කාබනික පොහොර මිල දී ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මෙවර යල කන්නයේ දී වී වගා කරන ගොවීන්ට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් සහනාධාර මුදලක් ලෙස හෙක්ටෙයාර් එකකට රුපියල් 20,000ක මුදලක් හා හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් වශයෙන් ලබා දීමට කටයුතු කර ඇත.
මෙම මුදල වවුචරයක් වශයෙන් ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනූමැතිය ලැබුනු බවත්, ඒ අනුව අදාල වවුචරය මගින් බන්ඩි පොහොර හෝ ගොවි ජනතාවට අවශ්‍ය නම් කාබනික පොහොර මිල දී ගැනීමටත් හැකි වන පරිදි නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙම වවුචරය මුද්‍රණ කටයුතු සදහා රජයේ මුද්‍රණයාලයට බාර දෙනවා. ඒ අනුව වවුචර් ලක්ෂ ගණනක් අවශ්‍ය විශේෂ දිය සළකුණක් සහිතව ගොවීන්ට ලබා දීමට තවත් සති කිහිපයක් ගත වෙනවා. ඒ් අනුව මෙම වවුචරය මගින් වී වගාවට අවශ්‍ය බන්ඩි පොහොර හෝ අවශ්‍ය නම් කාබනික පොහොර මිල දී ගැනීමට ගොවීන්ට පහසුකම් ලබා දෙනවා.
දැනට වෙළෙඳ පොළේ යුරියා පොහොර මිල අද වනවිට රුපියල් 9000 දක්වා පහත බැස තිබෙනවා. ඒ නිසා රජයේ පොහොර සමාගම් දෙක මගින් ලබා දෙන යුරියා පොහොරවලට අමතරව ඊටත් වඩා අඩු මිලට ගොවීන්ට විවෘත වෙළෙඳපලෙන් යුරියා අඩු මිලට ගත හැකියි. ඒ වගේම අපි මඩපොහොර සියලුම ගොවීන්ට නොමිලයේ ලබා දුන්නා. ඉදිරිකාලය තුළ ගොවීන්ට අවශ්‍ය වන්නේ බන්ඩි පොහොරයි. එමනිසා මෙම වවුචරය මගින් බන්ඩි පොහොර හෝ අවශ්‍ය නම් ඔවුන්ට කාබනික පොහොර හෝ මිල දී ගත හැකියි.
රජය විසින් මෙම සහනාධාරය ලබා දීම සඳහා රුපියල් බිලියන 11ක පමණ මුදලක් වෙන් කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහිදී අමාත්‍යවරයා රටේ බිත්තර හිඟය පිළිබඳව ද අදහස් පළ කළේය.
බිත්තර හිඟය සම්බන්ධව මම සියලු පාර්ශ්ව කැඳවා සාකච්ඡා කළා. දේශීය බිත්තර නිෂ්පාදනය ඉදිරි මාස කිහිපය තුළ ඉහළ යන බව මම අවධාරණය කරනවා. මින් මාස දෙකකට පෙර දෛනික බිත්තර නිෂ්පාදනය මිලියන 3.2ක් වුවත් දැන් එය මිලියන 5.2 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දෛනික බිත්තර හිඟය මිලියන 01ක් හෝ 1.6ක් වශයෙන් පවතිනවා. බිත්තර ආනයනය කරන්නේ එම හිඟය පියවා ගැනීම සඳහායි. ඉදිරි මාස කිහිපය තුළ දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළ යාම මත බිත්තර ආනයනය කිරීමත් ක්‍රමයෙන් අඩුවෙන්නට පුලුවන්.
ආනයනික බිත්තර සිල්ලර වෙළෙඳපොලට දෙන්නේ නැහැ. ඒ වගේම වයඹ පළාත වැනි කුකුළු ගොවිපොළවල් තිබෙන දිස්ත්‍රික්කවලටත් අපි ආනයනික බිත්තර කුමන හෝ කර්මාන්තයක් සඳහාවත් ලබා දෙන්නේ නැහැ. දැනට බිත්තර ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවේ වෛද්‍යවරුන් කුරුළු උණ නොමැති බවට සහතික කළ ගොවිපොළවලින් පමණයි.
