ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස චන්ද්‍රරත්න ඩී. විතානගේ මහතා පත්කර ඇත.
ඒ අනූව ඒ මහතා ඊයේ බත්තරමුල්ල, සුහුරුපාය පිහිටි එම කාර්යාලයේදී රාජකාරි ආරම්භ කළේය.
රාජ්‍ය, පෞද්ගලික හා රාජ්‍ය නොවන සේවා යන අංශ ත්‍රිත්වයෙහිම මනා පළපුද්දක් ඇති චන්ද්‍රරත්න මහතා දශක තුනකට ආසන්න කාළයක් ශ්‍රී ලංකාවේ ප්‍රධානම හා විශාලම පෞද්ගලික අංශයේ ව්‍යාපාරික සංගමය වන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සංවර්ධන අංශ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත.
මෙම අවස්තාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා, අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, අතිරේක අධ්‍යක්ෂ රාධා නානායක්කර මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
