Spread the love

නිමල් රාජපක්ෂ

මධ්‍යම පළාත සහ චීනයේ ජියන්ශි පළාත අතර ආර්ථික, සමාජීය හා සංස්කෘතිමය සම්බන්ධතා සංවර්ධනය කිරීමේ අරමුණින් චීනයේ ජියන්ශි පළාත් කමිටුවේ උප සභාපති යින් ජියෑංයී (Yin Jianye) මහතා ඇතුලු ධූත පිරිසක් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර හමුවීමක් මහනුවර පිහිටි ආණ්ඩුකාරවර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සිදුවිය.

මෙහිදී දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් කරුණූ සාකච්ඡා වු අතර, මධ්‍යම පළාතේ ආයෝජන අවස්ථා හා සංචාරක ප්‍රවර්ධනය උදෙසා ඇති ඉඩ කඩ හා මධ්‍යම පළාතේ භූ ආපදා හදුනාගැනීම සදහා දායකත්වය ලබා ගැනීමේ හැකියාව මෙන්ම මධ්‍යම පළාතේ විසිරි තිබෙන ඛනිජ සදහා ඇති ජ්‍යාත්‍යන්තර වෙළද පල අවස්ථා පිළිබදවද කරුණු සාකච්ඡාවට බදුන් විය.

මෙම අවස්ථාව සම්පාධනය කිරීමේදී ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය මැදිහත් වූ අතර මෙම අවස්ථාව සදහා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති, හිටපු ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මෙන්ම ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ උපසභාපති අරුණ හපුආරච්චි මහතා ඇතුලු පිරිසක් ද එක් වුහ