Spread the love

චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 9ක් අත්සන් තබා තිබෙනවා.

චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් හ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම් අත්සන් කර ඇත.

චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් අතර ද්විපාර්ශවීක සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී ආර්ථික සහයෝගිතාවයට අමතරව සමාජයීය, සංස්කෘතික, අධ්‍යාපන සහ කෘෂි ක්ෂේත්‍රයන්හි සමස්ථ සහයෝගිතාව ඇති කිරීම පිළිබඳව වැඩි අවධානය යොමුකර තිබෙනවා.

දෙරට අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම් නවයක් මඟින් ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක් ඇතිවන බව දෙරටේ අග්‍රාමාත්‍යවරු මෙහිදී සනාථ කර ඇත.