Spread the love

මෙරට සිටින චීන ප්‍රජාව සහ චීනයේ සිටින පිරිසක් එක්ව රුපියල් 800,000 ක මූල්‍ය පරිත්‍යාගයක් මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් කාර් පහසුකම ප්‍රතිසංස්කරණය සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීම සදහා ලබාදි ඇත.

පසුගියදා සිදු වූ අවාසනාවන්ත අනතුරින් භාවනායෝගී භික්ෂූන් වහන්සේලා සත්නමක් අපවත්වීමේ කණගාටුදායක සිදුවීම මෙරට සිටින චීන මාධ්‍යවේදිනී යෑං ෂියුවාන් සිය චීන භාෂා අන්තර්ජාල පුවත් වෙබි අඩවියේ වාර්තා කර ඇති අතර, එම පුවත දුටු ශ්‍රී ලංකාවේ සහ චීනයේ පදිංචි චීන ප්‍රජාවේ බොහෝ දෙනා එම පුවතින් කම්පාවට පත්ව ඇති බවත්, පසුව ඇයව සම්බන්ධ කර ගනිමින් සේනාසනයේ කේබල් කාර් පහසුකම ප්‍රතිසංස්කරණය සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීමට මුල්‍ය දායකත්වය ලබාදීමට සිය කැමැත්ත පළ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව, මෙම පුණ්‍ය කර්මය සාර්ථකව සිදු කිරීම සඳහා, මෙරට ක්‍රියාත්මක චීන මාධ්‍ය ආයතනයක් සහ කොළඹ පිහිටි සංස්කෘතික මධ්‍යස්ථානය එක්වී චීන ප්‍රජාවෙන් අරමුදල් එකතු කර ඇති අතර, එලෙස එකතු වූ රුපියල් 800,000 ක මුදල පසුගිය 05 වැනිදා නා උයන ආරණ්‍ය සේනාසනයේ නායක හිමියන් වෙත පිරි නමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.